වර්තමාන රජයේ අඩු පාඩු පෙන්වා දෙන්නේ ඔවුන්ගේ එම වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.
ජනතාවගේ ජනවරමක් ලැබීමත් සමග ජනතාවට හිතවාදී, සෙත සැලසෙන නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව වත්මන් රජය ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු වී නැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.
එම අදහස් දැක්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.
ජනතාවගේ ජනවරමක් ලැබීමත් සමග ජනතාවට හිතවාදී ජනතාවට සෙතක් සැලසෙන නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව වත්මන් රජය කිව්වත් වත්මන් රජය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් ඔහු ඉදිරිපත් කළ ගිවිසුම ඉදිරියට ගෙන යන බවත් රටේ ජනතාව දුන් ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් එක කියන කියන පදයට නටන රජයක් බවට පත්ව ඇති බවත් රටට ජනතාවට මේ නිසා ගොඩඒමක් නම් පෙනෙන්නට නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
වත්මන් රජය අයි එම් එෆ් එකේ පදයට නටනවා
ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් 6% සිට 36% දක්වා වන බදු සූත්‍රය වෙනස් කර එය 1-24% දක්වා පහත දමන බවට පොරොන්දු වූ බවත් මේ දේවල් කරන්නේ අයි එම් එෆ් රාමුව තුළ සිට ගෙන වුවත් වත්මන් රජය අයි එම් එෆ් එකේ පදයට නටන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් කරන්නේ නැහැ
ආදායම වැඩි කරන්නට ඇති එකම ක්‍රමය බදු වැඩි කිරීම පමණක් නොව බදු දැලට හසු නොවන අය එයට ඇතුළත් කර ගැනීම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරිම ඩිජිටල් කරණය කිරීම කල හැකි බවත් වත්මන් රජය මැතිවරණ වේදිකාවේ කිව්ව දේවල් නොකර සිටින බවත් විදුලි බිල අඩු කිරීම කරනවා කිව්වත් තවමත් ඒවා කර නොමැති බවත් තෙල් මිල ගැන කිව්ව කතා හැටියට තෙල් මිල විශාල වශයෙන් අඩු කර හැකි වුවත් තෙල් මිල ද අඩු කර නොමැති බවත් මේ අය මැතිවරණ වේදිකාවේ බොරු පොරොන්දු දී අද ඒවා ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
අඩුපාඩු දැක දැක කටවහන් ඉන්න බෑ
මේවා කියන්නේ රජයට කුහක කම් කිරිමට නොව රජයට රජයේ අඩුපාඩු වැරදි පෙන්වා දී ජනතාවට සේවය කිරිමක් බවත් විශාල ජනවරමක් ලබා කියපු දේ නොකර සිටින විට කටවහන් සිටීමට නොහැකි බවත් වත්මන් රජය ජනතාවගේ හිත දිනා ගැනීමට කියූ දේවල් කරන්න නොහැකිව නිර්වින්දනය වී ඇති බවත් ජනවරම අමතක කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
ඇයි අයවැයක් ගේන්න බැරි
මේ රජය නව අයවැයක් ද ගෙන ආ යුතු බවත් නව අයවැයක් ගෙන නොයෙන එකෙන් ඉදිරිය ගැන සිතා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පළාත් පළාන මැතිවරනයට ද තරග කරන බවත් වත්මන් රජය පොරොන්දු වූ දේවල් ක්‍රියාත්මක කරන්න සැලසුම් පවා සකස් කර නොමැති බව ජනතාව දැනුවත් කළ යුතු බවයි.
ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේදී කියන්නම්
පක්ෂයේ ඉදිරි ගමන ගැන දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කරන බවත් ජාතික ලැයිස්තුව ගැන ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බවත් පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ වෙන අයට ඕනෑ විදිහට නොව පක්ෂයට අනුව බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.