ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් පොංගල් කිරිබත් පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය හා මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
යාපනයේ සුෂිපුරම් කලෙයිමගල් ක්‍රීඩාංගණයේදී මෙම ද්‍රව්‍ය ලබාදීම සිදුකර ඇත්තේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායී මුරලි මහතා විසින්
මේ අතර යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 78 කට පාසල් උපකරණ බෙදා දීමටද ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබුණා.
මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායී මුරලි මහතා පැවසුවේ තෛපොංගල් උළෙල ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් දෙමළ ජනයාගේ සුබ දවසක් බැවින් ඉන්දියාවේ ජනතාවත් ශ්‍රී ලංකාවේ ජනතාවත් අතර මිතුදම වැඩි දියුණු කිරීම පිණිස මෙම අවස්ථාව සංවිධාන කළ බවයි.