HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් – චීන විදේශ අමාත්‍යාංශය

Published on

සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.

මෑතකදී චීනයේ HMPV නම් වෛරසයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාවෙහි යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමත් සමඟ චීනයෙන් “නාඳුනන වෛරසයක් ” බිහි වූ බවට අන්තර් ජාලයේ වාර්තා වීම පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අදාළ තොරතුරු පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම වාර්තමානයේ චීනයේ ශ්වසන රෝග පැතිරයාමේ පරිමාණය හා ප්‍රබලතාව පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව අඩු වී ඇති බවත්, වසර 60කට අධික කාලයක් මිනිසුන් අතර පවතින HMPV නම් වෛරසය, ශ්වසන රෝග ඇති කරන සාමාන්‍ය වෛරසයක් බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

එබැවින් සාමාන්‍ය වෛරසයක්, නාඳුනන වෛරසයක් ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බවත්, එය විද්‍යාවට අනුකූල නොවන බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

චීන රජය සැමවිටම සිය ජනතාව හා චීනයේ සිටින විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා වැදගත් කොට සලකන බව ප්‍රකාශ කළ ඔහු යළි අවධාරණය කළේ, නිසි පියවර ගනිමින් චීනය දෙස් විදෙස් සංචාරකයන් සඳහා සැපවත් මෙන්ම සුරක්ෂිත සංචාරක පරිසරයක් වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this