ස්වාධීනව වගකීම් ඉටු කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරනවා –  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

Published on

රජයේ සේවකයන් ලෙස කිසිදු දේශපාලන අතපෙවීමකට යටත් නොවී ස්වාධීනව වගකීම් ඉටු කරන ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඉල්ලා සිටිනවා.

රජය වැඩක් කිරීමට කවර හෝ බලපෑමක් නොකරන බවත්, ඒ නිසා කිසිදු බියකින් තොරව නිවැරදිව නිදහසේ ජනතා සේවාවන් සිදුකරන ලෙසත්, නිලධාරීන් වශයෙන් අප ඔබව ආරක්ෂා කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා පවසනවා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින (11) වත්තල මාබෝල නගර සභාවේ කටයුතු සොයා බලා ඉදිරියට ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව නගර සභා නිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාකදීයි.

මෙහිදී  වැඩිදුරටත් නගර සභා නිලධාරීන්  ඇමතූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා කියා සිටියේ මින් ඉදිරියට  නිරතුරුව නගර සභාව තුළින් ජනතා සේවාවන් සිදුකරන ආකාරය පිළිබඳව සොයා බලන බවයි.

යම් රාජකාරියකට අදාළ නීතියක් වේ නම් ඒ නීතියට අනුවම එය සිදුකරන ලෙසත්, එමෙන්ම ඉදිරියේ දී ප්‍රාදේශීය සභාව, නගර සභාව මෙන්ම පළාත් සභාව ආදී ආයතන සමඟ අවශ්‍ය පරිදි ජනතාව සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ජනතාවත් සමඟම ඉදිරි ගමන යාමට රජය බලාපොත්තු වන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this