2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි

Published on

වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කෙරිණ.

එහිදී චීන මුදල් අමාත්‍යංශයේ උප අමාත්‍ය Liao Min මහතා විසින් 2024 වසරේ මුදල් හා මූල්‍ය ක්‍රියාකාරිත්ව තත්ත්වය පිළිබඳව විස්තර කර, වසර 2025හේ මුදල් ප්‍රතිපත්තිය ද පැහැදිලි කරන ලදී.

වසර 2024 දී රටේ මුදල් හා මූල්‍ය ක්‍රියාකාරිත්වය ස්ථාවර වූ අතර අයවැය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය යහපත් වූ බවත්, රටේ ආර්ථිකයේ හා සමාජයේ ස්ථාවර සහ විධිමත් සංවර්ධනයට එය ශක්තිමත් අනුබලයක් වී ඇති බවත් ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම වසර 2025 දී මුදල් අමාත්‍යංශය මධ්‍යම ආර්ථික රැස්වීමේ සැකසීමට අනුව වඩාත් සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවත්, ප්‍රතිපත්ති මාලාව වඩාත් මනා ලෙස ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩව ශක්තිය යොදා ගනු ඇතැයි ද Liao Min මහතා ප්‍රකාශ කළා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this