උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
පවතින කාලගුණික තත්ත්වය මත ඔහිය සහ ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන අතර සිදුවූ නායයාම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා සිදු වුණා.
දුම්රිය කාර්ය මණ්ඩල යොදවා අදාළ ස්ථානයන්ගේ පස් ඉවත් කිරීම් කටයුතු කඩිනමින් සිදු කළ අතර මේ වනවිට දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසනවා.
ඒ අනුව, ප්‍රමාදයට ලක්වූ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය විමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය ධාවනය මේ වනවිට ආරම්භ කර තිබෙන බව සඳහන්.