කොළඹ වරායේ පවතින දිගු පෝලිම් සම්බන්ධයෙන් ගතයුතු විසඳුම් පිළිබඳ ජනපති සාකච්ඡාවක්

Published on

කොළඹ වරායේ පවතින දිගු පෝලිම් සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු විසඳුම් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් අද (12) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මෙම සාකච්ඡාව සදහා මේ සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනුකමිටුව හා වරාය කටයුතු සම්බන්ධව විවිධ පෞද්ගලික සමාගම්වලින් සැදුම්ලත් සංවිධාන 16 කට ආරාධනා කර ඇති බවයි අමාත්‍යාවරයා සඳහන් කළේ.

කොළඹ වරාය පරිශ‍්‍රයේ රේගු නිෂ්කාශන කටයුතුවල පවතින දිගු පෝලිම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙහිදී මතුව ඇති ප්‍රශ්න සම්බන්ධව කෙටි කාලීන විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍යාවරයා සඳහන් කළේ.

එමෙන්ම පෙබරවාරි 28 වනවිට එම ප්‍රශ්නවලින් සැලකිය යුතු ප්‍රමාණයක් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කැබිනට් අනුකමිටුවේදී යෝජනා කර, ක්‍රියාමාර්ග පටන්ගෙන තිබෙන බවත් අමාත්‍යාවරයා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීම තුළීන් ඉතාමත්ම දැවෙන ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් ලබාගැනීමට හැකි වෙතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this