දියගම ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම, නුදුරේදීම නැවත ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (11) හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙවර අයවැය තුළින් ක්‍රීඩා සංවර්ධනය උදෙසා පසුගිය වර්ෂවලට වඩා සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යාවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.