බන්ධනාගාරයත් ක්ලීන් වේ

Published on

වර්තමාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් සංකල්පයට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ වැඩසටහන් ගණනාවක් අද (11 ) දින නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මෙහි සමාරම්භය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුළදී සිදු වුණා.

මෙම ක්‍රියාවලිය යටතේ මහජනතාවට බන්ධනාගාර දෙපාර්තමේතුව පිළිබද යෝජනා හා අදහස්, බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් සම්බන්ධව පැමිණිලි හා ඊට අදාළ ලේඛන උඩුගත කිරීම සදහා බන්ධනාගාර නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk යන වෙබ් අඩවියේ පැමිණිලි හා ප්‍රශංසා යන යොමුව වෙන්කර තිබෙනවා.

එම ක්‍රියාවලිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ඉතා කාර්යක්ෂමව සිදුකරනු ලබන බවයි පැවසෙන්නේ.

එමෙන්ම, බන්ධනාගාර නිලධාරීන් සඳහා රාජකාරිමය වශයෙන් පුද්ගලික ලිපි ගොණු සම්බන්ධයෙන් ඇති ගැටළු හා දුක් ගැනවිලි විමසා බැලීම සඳහා නව ඒකකයක් බන්ධනාගාර මූලස්ථානය තුළ පිහිටුවා තිබෙනවා.

මෙම වැඩසටහනේ තවත් එක් පැතිකඩක් ලෙස පාරිසරික පවිත්‍රතාවය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයන් තුළ අද දින සිට සතියක කාලයක් ක්‍රමානුකූලව පවිත්‍රතා කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this