මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් යළි වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා.
ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය ද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ලිඛිතව විමසා සිටි අතර ඒ සඳහා සොයා බැලීමට 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබුවේ එවන් පසුබිමකයි.
එම කමිටුව විසින් ලබා දුන් නිර්දේශය අද දින (10)බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.
එහි සඳහන් පරිදි දුමින්ද සිල්වාට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක, නේවාසිකව සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සඳහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවත් එම නිර්දේශ තුළ ඇතුළත්.
ඒ අනුව අදාළ නිර්දේශවලට අනුව ආර්. දුමින්ද සිල්වා සිරකරු බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මූලස්ථානය සදහන් කළේ.