කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීම අසත්‍ය දැන්වීමක් බව කම්කරු අමාත්‍යාංශය පවසනවා.
අදාළ දැන්වීමට අනුව රජය විසින් අනුමත කරන ලද අර්ධ කාල වැඩ යනුවෙන් දක්වා ඇති අතර දෛනිකව ශ්‍රී ලංකා රුපියල් පනස් පන්දහසක ආදායමක් උපයාගත හැකි බව ද එහි සඳහන්.
ඊට අමතරව මාර්ගගත සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් දෛනික වැටුප් ගෙවන බවත් එහි දක්වා තිබෙනවා.
එම නිවේදනයට අදාළව මාර්ගගත රැකියා අපේක්ෂකයන්ගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කරන ලෙසද සඳහන්.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය යන පාඨය භාවිත කරමින් සහ රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් නිර්මාණය කර ඇති මෙම දැන්වීම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බවත්, එවැනි දැන්වීමක් කම්කරු අමාත්‍යංශය විසින් පළ කර නොමැති බවත් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය අවධාරණය කරනවා.
නව රජයේ අමාත්‍යංශ විෂය පථයන්ට අනුව විදේශ රැකියා විෂය පථය කම්කරු අමාත්‍යාංශයට අයත් නොවන බවයි අමාත්‍යාංශය පවසන්නේ.
මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු යොදා ඇති අතර එම ව්‍යාජ සහ අසත්‍ය දැන්වීමට අදාළව ඔබේ පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස කම්කරු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.