ඥානසාර හිමිට යළි මාස 9ක සිර දඬුවමක්

Published on

2016 වසරේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළ කරනු ලැබූ අදහස්වලින් ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට අපහාසයක් සිදු කළේ යැයි එල්ල කර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මීට අමතරව විත්තිකාර ඥානසාර හිමියන්ට රුපියල් 1500ක දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

එමෙන්ම මෙම නඩුවේ පැමිණිලිකරුට වන්දියක් ගෙවන ලෙස විත්තිකාර ඥානසාර හිමියන්ට නියෝග නොකරන බවත් එම තීන්දුවේ සඳහන් වුණා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

තීන්දු ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාව තුළින් තමන් කැමති ඕනෑම ආගමක් හෝ ඇදහිල්ලක් විශ්වාසයක් දැරීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන ඇති බවයි.

ඒ අනුව ඉස්ලාම් භක්තිකයින්ට තමන්ගේ දහම සම්බන්ධයෙන් විශ්වාසයක් දැරීමට පූර්ණ හිමිකමක් තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවේ ප්‍රකාශ කර සිටියා.

2016 වසරේ ජූලි මස 8 වනදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී විත්තිකාර ඥානසාර හිමියන් පළ කරන ලද ඇතැම් අදහස්වලින් ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දාවක්වක් සිදුවී ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා දණ්ඩ නීති සංග්‍රහයේ 291(අ) වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයකු දරන ආගමික විශ්වාසයන්ට නිග්‍රහ වන ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි පැවසෙන්නේ.

විත්තිකාර ස්වාමීන් වහන්සේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී පළ කර තිබෙන මෙම නඩුවට පාදක වන කරුණුවලින් ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නිග්‍රහයක් සිදුවී ඇති බව පෙනී යන බව සඳහන්.

එම ප්‍රකාශ නොසැලකිල්ලෙන් කරන ලද්දක් නොව චේතනාන්විතවම විත්තිකරු විසින් පළ කර තිබෙන බවත් පැහැදිලි වන බවයි පැවසෙන්නේ.

ඒ අනුව විත්තිකරු චේතනාන්විතවම අදාළ වරද සිදුකර තිබෙන බව නඩු විභාගයේ දී ඔප්පු වී තිබෙනවා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට සමත් වී තිබෙන බවත් ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

තීන්දු ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ විත්ති කූඩුවේ සිටි ඥානසාර හිමියන් අධිකරණය අමතමින්

” ස්වාමීනී… මම බෞද්ධ භික්ෂුවක්. වසර විස්සක් පමණ මම ඉස්ලාම් මූලධර්මවාදය ගැන කතා කරනවා. හැමදාම මෙහෙම වෙන්න බෑ. එක්කෝ එකපාරට මරලා දාන්න” යනුවෙන් විවෘත අධිකරණයේ සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ තම තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න මහතා සමඟ පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකාර ස්වාමීන් වහන්සේට යළි සමාජගත විය හැකි වන පරිදි ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටී නීතීඥ ගාමිණී අල්විස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...