මැණික් හා ස්වර්ණාභරණ ගැටළු කඩිනමින් විසඳීමට Hotline එකක්

Published on

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් රජයේ “Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ක්ෂණික දුරකථන අංකයක් (Hotline) හඳුන්වාදී තිබෙනවා.

මේ අනුව 011 2 336 552 දුරකථන අංකය ඔස්සේ අධිකාරියේ මහජන සම්බන්ධතා නිලධාරී වෙත සෘජුවම තම ගැටලු හා පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර සති 2 ක් වැනි කෙටි කාලයක් තුළ අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් ඉදිරිපත් වන ගැටළු කඩිනමින් විසඳා දීමට අධිකාරිය බලාපොරොත්තු වන බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියාරච්චි මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන අස්ථාවර හා අවිධිමත් බදු ප්‍රතිපත්ති ඇතුළුව පවතින ගැටලු රැසක් හේතුවෙන් මෙම වටිනා ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක්ව ඇති බව පැවසූ සභාපතිවරයා අප රටේ හමුවන මැණික් සඳහා ජාත්‍යන්තරයේ ඇති ඉහළ ඉල්ලුම සලකා බලමින් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ජාත්‍යන්තරයේ වඩාත් ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සැළසුම් කර ඇති බවද සඳහන් කළා.

මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාර හා අලෙවිසැල්, මැණික් කෞතුකාගාර, මැණික් හා ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර සේවාවන්, භාණ්ඩ ප්‍රවාහන සේවාවන්, අපනයන කටයුතු සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ඇතුළු සියලුම පහසුකම්වලින් මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සමන්විත වන බවයි ඔහු පැවසුවේ.

මේ තුළින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ 3 අතරට රැගෙන ඒමටත්, ඒ හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අපනයන ආදායමක් ජාතික ආර්ථිකයට එකතු කිරීම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අරමුණ බවයි සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this