JICA හි ජ්‍යේෂ්ඨ උප සභාපති අගමැති හමුවේ – මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා සහය

Published on

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යේෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවුණා.

මෙම හමුවේදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා JICA ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඇතුළත් වූ බවයි පැවසෙන්නේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාවට ජපානයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, “clean sri lanka ” වැඩසටහන සමඟින් දරිද්‍රතාවය පිටුදැකීම සහ ඩිජිටල්කරණය කෙරෙහි රජයේ ප්‍රමුඛතාව ලබාදී ඇති බවද සඳහන් කළා.

Latest articles

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

More like this