උසස් පොලිස් නිලධාරින් 11 දෙනෙකුට ස්ථාන මාරු

Published on

වහාම ක්‍රියාත්මක වන ⁣පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙක් ස්ථාන මාරුවට ලක්කර තිබෙනවා.

සේවයේ අවශ්‍යතාව මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම ස්ථාන මාරුකිරීම් සිදු කළ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මේ අනුව ඩබ්ලිව්.වී.ගිනිගේ මහතා අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, කේ.ඩී.ජි.එල්.ඒ .ධර්මසේන මහතා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මීගමුව කොට්ඨාස භාර නිලධාරිවරයා ලෙසත් ස්ථාන මාරුව⁣ට ලක්කර තිබෙනවා.

ආර්.ජී.ඒ.බී.ගුණතිලක මහතා ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කැලණිය කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, බී.ඩී.ටී.පී.ඒ.වීරසිංහ මහතා මාතර කොට්ඨාසභාර නිලධාරි තනතුරේ සිට තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් පත්කර ඇති බව සඳහන්.

එල්.ආර්.ගමගේ මහතා මාතලේ කොට්ඨාස භාර තනතුරේ සිට අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එස්.අයි.ඒ.අමරසිංහ මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ සිට පාර්ලිමේන්තු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් පත්කර තිබෙනවා.

එම්.එස්.⁣කේ.වික්‍රමනායක මහතා කැලණිය ⁣කොට්ඨාස භාර තනතුරේ සිට මාතලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්,කේ.එම්.ඊ.පෙරේරා මහතා වව්නියාව කොට්ඨාසභාර නිලධාරි තනතුරේ සිට පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් ස්ථාන මාරු කර ඇති බවයි පැවසෙන්නේ.

එච්.ජි.ඩී.එස්.අමරසිංහ මහතා පාර්ලිමේන්තු කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට අම්පාර කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්, ඩබ්ලිව් ඒ.සෝමරත්න මහතා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට වව්නියාව කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්කර තිබෙනවා.

මේ අතර ටී.එච්.ඊ.එල්.පෙරේරා මහතා මීගමුව කොට්ඨාසභාර නිලධාරි තනතුරේ සිට ගම්පොළ කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරුවට ලක්කර ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this