රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සතියේ චීනය බලා පිටත්ව යාමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ අනුව ලබන 14 වැනිදා සිට 17 දක්වා ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීමට නියමිතයි.
එම සංචාරය සදහා අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ බිමල් රත්නායක යන මහත්වරුන්ද එක්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබදව ඉදිරියේ දී වැඩිදුරටත් පැහැදිලි කරන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සදහන් කළේ.