ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 34 ක් නිදහස් කිරීමට හමාස් සංවිධානය අනුමැතිය ලබා දි ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම පිරිස අතර කාන්තාවන් දස දෙනෙකු , වයස අවුරුදු 50 ත්,85 ත් අතර වයස් ගත පිරිමි පුද්ගලයින් 11 ක් සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවට මීට පෙර සඳහන් වු ළමුන් පිරිසක්ද ඇතුළත්.
කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට අනුමත කළ ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුවක් ලබා දුන් බවට පළ වූ වාර්ථා ඊශ්‍රායල අගමැති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හමාස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ගාසා තීරයෙන් ඉවත් වීමේ ගිවිසුමක් හා ස්ථිර සටන් විරාමයක් හෝ යුද්ධය මත රඳා පවතින බවයි.