පළමුවරට ඉන්දියාවෙන් HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙක්

Published on

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මාස අටක දරුවෙකු සහ මාස තුනක දරුවෙකු මෙම වෛරසයට භාජනය වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

HMPV රෝග ලක්ෂණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙන අතර කැස්ස, කිවිසුම් යාම ද පෙන්නුම් කෙරෙනවා.

ආසාදිත පුද්ගලයෙකුගෙන් අන් අයට එය පැතිර යා හැකියි.

2001 දී ප්‍රථම වරට හඳුනාගත් HMPV යනු, උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන ශ්වසන ආසාදනයකි.

එය සියලුම වයස්වල පුද්ගලයින්ට බලපෑ හැකි අතර, කුඩා දරුවන් (අවුරුදු 5 ට අඩු), වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති බවයි සඳහන් වෙන්නේ.

කැස්ස, උණ, නාසයේ තදබදය, හුස්ම හිරවීම සහ උගුරේ අමාරුව HMPV හි රෝග ලක්ෂණ කිහිපයක්.

මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වී දින තුනක් හෝ හයකට පසුව ඇති වනවා.

HMPV වෛරසය ඇති කෙනෙකු සමඟ සෘජු සම්බන්ධතා හරහා එය පැතිරෙන අතර ස්පර්ශ කිරීම, කැස්ස, කිවිසුම් යාම සහ අතට අත දීම මගින් වෛරසය පැතිර යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝගය වැළඳුනු කෙනෙකුට දරුණු කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකි අතර එවැනි අවස්ථාවන්හි දී, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

HMPV වැළැක්වීම සඳහා උපදෙස් ලෙස,

1.⁠ ⁠අවම වශයෙන් තත්පර 20ක් සබන් ගා වතුරෙන් අත් සේදීම
2.⁠ ⁠කැස්ස හෝ කිවිසුම් යන අතරතුර ඔබේ මුඛය සහ නාසය ආවරණය කිරීම
3.⁠ ⁠මුඛ ආවරණයක් පැළඳීම

  1. අසනීප වූ අය සමඟ සම්බන්ධ වීමෙන් වැළකීම
    5.⁠ ⁠සෝදා නොගත් දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම

ආදිය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this