දැඩි ශීත කුණාටු නිසා ඇමරිකාවේ කාලගුණ බලධාරීන් එරට වැසියන්ට අනතුරු අඟවයි

Published on

ඇමෙරිකාවට බලපා ඇති දැඩි ශීත කුණාටුව හේතුවෙන් පුද්ගලයින් මිලියන 60කට වැඩි පිරිසට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ හිම කුණාටුවේ අවදානම හේතුවෙන් කෙන්ටකි, කැන්සාස්, වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, ආකැන්සාස් සහ මිසූරි යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි.

එසේම, අධික හිම පතනය සහ සුළං හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සහ ඇමෙරිකාව තුළ සහ ඉන් පිටතට ගුවන් ගමන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබුණු බව සඳහන්.

තවත් 5,000කට ආසන්න ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් ප්‍රමාද කර තිබෙනවා.

එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇත්තේ ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවයි.

හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බවයි අමෙරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this