ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම පන්දුවාර 20යි 20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් වන යුරෝපා පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලීගය සදහා සිය අනුමැතිය ලබා දී තිබෙනවා.
අයර්ලන්තය ,ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තයේ හවුල්කාරිත්වයෙන් මෙම නවතම ක්‍රිකට් ලීගය හදුන්වා දී ඇති බව සඳහන්.
මේ අනුව මෙහි මංගල තරඟාවලිය ලබන ජුලි මස 15 වැනිදා සිට අගොස්තු 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය සඳහා සත්කාරක රටවල් තුනට අමතරව ලොව පුරා ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
මේ අනුව යුරෝපා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම්,එහි හිමිකාරිත්වයන් සහ ක්‍රීඩක කෙටුම්පත පිළිබද තොරතුරු ඉදිරියේදි දැනුම්දීමට නියමිතයි.