රත්මලාන ගුවන්තොටුපොළේ අවදානම් තාප්පය ඉවත් කරන ලෙස ඇමති බිමල්ගෙන් උපදෙස්

Published on

රත්මලාන ගුවන්තොටුපොළේ අවදානම් තාප්පය ඉවත් කිරීම පිලිබඳ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එම ගුවන්තොටුපොළේ සීමා බැම්මක අවදානම පිලිබඳව පුවත්පත්වල පළ වූ තොරතුරුවලට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වූ අමාත්‍යාවරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ගුවන්තොටුපොළ සේවා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එහි අවදානම පිළිබඳ නිවැරදි විමසීමකින් පසුවයි එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ.

ගාලුපාර සිමාවේ ඇති මෙම ඝන අඩි 9ක තාප්පය, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නීති උල්ලංඝනය කරන බව ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය(Aircraft Owners & Operations Asociations Sri Lanka ) විසින් ද ප්‍රකාශ කර තිබුණා.

පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොලේදී මගීන් 179 කට ජීවිත හානි කරමින් සිදු වූ අනතුරට සමාන අනතුරු මෙම අවදානම් තාප්පය හේතුවෙන් සිදුවීමට ඉඩ ඇති බැවින් මෙම තාප්පය ඉවත් කර අනතුරකදී ඉක්මනින් බිඳී යා හැකි සරල වැටක් ඉදිකරන ලෙසයි එම සංගමය ඉල්ලිම් කර ඇත්තේ.

එම සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව එය කඩා ඉවත් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this