අධික හිම පතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.
ගුවන්තොටුපළ ධාවන පථ වෙත හිම පතනය වීම හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව මැන්චෙස්ටර් ,ලිවර්පූල් සහ බර්මින්හැම් ඇතුලු ගුවන්තොටුපළ ගණනාවක ගුවන් ගමන් ප්‍රමාදයන්,ගුවන් ගමන් අවලංගු කිරීම් සහ වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යැවීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මැන්චෙස්ටර් ගුවන්තොටුපළ අද උදැසන පැය කිහිපයක් වසා දමා තිබූ අතර පසුව ධාවන පථ දෙකම විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම කාලය තුළ ගුවන්තොටුපළ වෙත පැමිණිමට නියමිතව තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යවා ඇති බවයි පැවසෙන්නේ.
අවම වශයෙන් මැන්චෙස්ටර් වෙත පියාසාර කරන ලද ගුවන් යානා 12ක් ලන්ඩන් හීත්‍රෝ,බර්මින්හැම්,ඩබ්ලින් ,ග්ලාස්ගෝ සහ පැරිස් යන ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව සඳහන්.
ලීවර්පූල් ජොන් ලෙනන් ගුවන් තොටුපළේ ධාවන පථය ද නැවත විවෘත කර ඇති නමුත් ලීඩ්ස් ගුවන් තොටුපළේ ධාවන පථය තවදුරටත් වසා දමා ඇති බවයි පැවසෙන්නේ.