Smart Youth Night ප්‍රසංගවල දී සිදුවූ බව කියන වංචා පිළිබදව පරීක්ෂණයක්

Published on

ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදුව ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා.

Smart youth night ප්‍රසංග මාලාවේ දී සිදුව ඇති වංචාව පිළිබඳව පැහැදිලි කරමින්, මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ වන විට විගණන වාර්තාවක් මගින් සහ තවත් තොරතුරු මත පදනම්ව මෙම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

සැලසුම්කරණයේ දී සිදුව ඇති අක්‍රමිකතා, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොකිරීම, බිල්පත් පියවීමේ අවිධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සංගීත ශිල්පීන්ට ගෙවීම් සිදු කිරීමේ දී අක්‍රමිතා සිදුව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

පසුගිය වසරේ ජනාධිපතිවරණයට පෙර තමන් මේ පිළිබඳව අනාවරණය කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

එවකට සිටි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් තරුණ සේවා සභාවේ මුදල් අවභාවිත කර ඇති බවත්, මෙම වංචාවට අදාළව වගකිව යුතු සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

Smart Youth Night ප්‍රසංග මාලාව වෙනුවෙන් රුපියල් මිලියන 323 ක් වැය කර ඇති බවත්, අයවැයෙන් තරුණ කටයුතු සංවර්ධනය සඳහා වෙන් වන්නේ මිලියන 100ක් පමණක් වන පසුබිමක මෙය බරපතල මූල්‍ය අවභාවිතයක් බවයි අමාත්‍යවරයා පෙන්වා ⁣දෙන්නේ.

තාරුණ්‍ය සවිබල ගැන්වීම පසෙකලා කර ඇති මෙවැනි දේශපාලන ව්‍යාපෘති කිසිසේත් ම අනුමත කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට තරුණ සේවා සභාවේ රංග ශාලාවේ වහලය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ වහලයේ කොටස් බිමට පතිත වෙමින් පවතින බවත්, අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යොදවා කළ යුතු එවැනි අත්‍යාවශ්‍ය කටයුතු පසෙකලා දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් මුදල් යොදවා ඇති බවයි.

එම ස්ථාන දෙකෙහි ශ්‍රවනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...