ආනන්ද පාලිතට මිලියන 500ක එන්තරවාසියක්

Published on

සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැළසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී. ජේ. රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බව වාර්තාවනවා.

මෙම එන්තරවාසිය පසුගිය දෙසැම්බර් මස 24 වැනි දින නීතිඥ සම්පත් යාලේවත්ත මඟින් යවා ඇති බවයි පැවසෙන්නේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස වගකීම් දැරීම සම්බන්ධයෙන් පසුගිය 2024 දෙසැම්බර් මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත විසින් අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රකාශයක් තමන්ට එරෙහිව සිදුකර ඇති බවයි සභාපති, ඩී. ජේ. රාජකරුණා තම නීතිඥයන් මඟින් අවධාරණයකර ඇත්තේ.

ආනන්ද පාලිත එදින කර තිබෙන ප්‍රකාශය තුළ අවම වශයෙන් අසත්‍ය සහ ද්වේෂසහගත කරුණු අටක්වත් දක්වා ඇති බව එම එන්තරවාසිය මඟින් දන්වා තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙයට පෙර සිටි සභාපති ලබා ගත් වැටුප මෙන් දෙගුණයක වැටුපක් ලබා ගන්නා බව සහ එම සංස්ථාව යටතේ ම අධ්‍යක්‍ෂ මණ්ඩල දීමනා දෙකක් ලබා ගන්නා බව මෙන්ම ඉතා නාස්තිකාර ආකාරයෙන් මුදල් වියදම් කරන බවට අසත්‍ය ප්‍රකාශ ආනන්ද පාලිත සිදුකර ඇතැයි එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙන බව සඳහන්.

දෙසැම්බර් මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී ආනන්ද පාලිත සිදු කළ ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ සියලුම විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශනවල ද ප්‍රචාරයකර තිබුණා.

ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය පුවත් පත්වල ද වාර්තාකර තිබූ අතර, එම වාර්තා නැවත රූපවාහිනී නාළිකාවල පුවත් පත් කියැවීමේ වැඩසටහන්වලදී ද ප්‍රචාරය කරන ලද බවත්, සමාජ මාධ්‍ය ජාලා විසින්ද වැඩි වැඩියෙන් ප්‍රචාරය කර ඇති බවත් එන්තරවාසියේ දක්වා ඇති බවයි වාර්තාවන්නේ.

මෙමඟින් තමන්ගේ කීර්ති නාමයට හානිවීම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස අවමානයට, අපවාදයට, ලැජ්ජාවට සහ සමච්චලයට ලක් කිරීම ඇතුළු සිදුකරන ලද හානි සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් නීතිඥයන් මාර්ගයෙන් ඉල්ලා තිබෙන බව සඳහන්.

එම එන්තරවාසිය නිකුත් කර දෙසැම්බර් මස 24 වැනි දින සිට දින 14ක් ඇතුළත වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුව හොත්, අධිකරණය ඉදිරියේ නඩු පවරා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් කටයුතු කරන බව අවධාරණය කර ඇතැයි වාර්තා වනවා.

Latest articles

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට,...

More like this

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...