ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකර ඇති තර්ජනය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව සමගි ජන බලවේගය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව තම මතයට ගරු නොකරන මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් පීඩනයක් එල්ල කරමින් සිටින බවයි.
1988/89 පාලන සමයේදි තම නියෝග වලට එරෙහිව කටයුතු කළ තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්,කුලසිරි අමරතුංග, ප්‍රේමකීර්තිද අල්විස් යන මාධ්‍යවේදීන්ට ජනතා විමුක්ති පෙරමුණ පිළිතුරු ලබා දුන්නේ ගිනි අවියෙන් බවයි සමගි ජන බලවේගය පවසන්නේ.
අද ගිනි අවියෙන් පිළිතුරු නොදුන්නත් සුපුරුදු පරිදි ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට තර්ජනාත්මක ප්‍රකාශ තුළින් පීඩනයක් එල්ල කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පුවත්පත වාර්තා කර ඇති පුවත වැරදිනම් එය විසඳා ගැනීමේ ක්‍රමය අනුගමනය නොකොට ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය බය කරමින් තමන්ට අකමැති මත දරන්නන් මර්දනය කිරීමට ක්‍රියා කරන්නේ දැඩි උද්දච්චභාවයෙන් වහසි බස් දොඩවමින් බවයි සමගි ජන බලවේගය පවසන්නේ.
ජනමාධ්‍යයේ අයිතිය සහ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙලෙස ක්‍රියා කිරීම වහා නතර කළ යුතු බවයි සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.