ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

Published on

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ වුණා.

මෙහිදී ජනාධිපතිවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයටද එක්විම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන FACETS Sri Lanka අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද සිට ලබන 06 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka මෙවර පැවැත්වෙන්නේ 31 වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් බොහෝ රටවල නියෝජිතයින් ඊට එක්වී සිටිනවා.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණෙන ලොව පුරා කීර්තිමත් මැණික් හා ස්වර්ණාභරණ සමාගම්වල නියෝජිතයන් රැසක් ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටින අතර රත්නපුර, ඇළහැර, බේරුවල, ඇහැලියගොඩ, ගාල්ල සහ කොළඹ වැනි දේශීය කර්මාන්ත මැණික් ගැරුම්කරුවන් රැසක්ද සහභාගි වී සිටින බව සඳහන්.

මෙම කර්මාන්තයේ ප්‍රමුඛයන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ ලොව පුරා වෙළෙඳුන්, අපනයනකරුවන් සහ තවත් බොහෝ අය සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීමයි.

“FACETS Sri Lanka 2025” ප්‍රදර්ශනය මඟින් අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අපේක්ෂා කෙරෙනවා.

දේශීය හා ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නරඹන්නන් වඩාත්ම උනන්දුවෙන් එක්වන “FACETS Sri Lanka 2025” ශ්‍රී ලංකාවේ උසස් මැණික් හා ස්වර්ණාභරණ උරුමයෙහි විවිධත්වය සහ තිරසාරත්වය පිළිබඳ කවුළුවක්.

Latest articles

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග ජපානයේ රිච්ටර් පරිමානයේ ඒකක 6.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන්, මියාසාකි ප්‍රාන්තයට,...

More like this