වැලිගම පොලිස් වසමේ කප්පරතොට ප්රදේශයේ අද (4) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි තරුණයින් පස් දෙනෙක් ඉලක්ක කර යතුරු පැදි තුනකින් පැමිණි නාදුනන පුද්ගලයින් තුන්දෙනෙක් වෙඩි තබා පළා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
වෙඩි වැදීමෙන් දෙදෙනෙක් තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි කප්පරතොට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
තුවාල ලැබු 29 හැවිරිදි තරුණයා වැඩිදුර ප්රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනෙක් තරුණයින් තිදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි පැවසෙන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.