තම ආයතනය ඉතිහාසයේ මෙතෙක් රැස්කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කර බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එය රුපියල් මිලියන 1,958,088ක් බවයි පැවසෙන්නේ.
මෙය 2023 වසරට සාපෙක්ෂව රුපියල් මිලියන 392,699ක වැඩිවීමක්.
එය සියයට 25.1 ක වර්ධනයක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ හරහා රාජ්‍ය මූල්‍ය තත්ත්වය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට ප්‍රශංසනීය දායකත්වයක් සැපයීමට හැකි වූ බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
පවත්නා බදු නීතියට අනුගත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටත් ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබාදුන් රාජ්‍ය හා පුද්ගලික ආයතනවල නිලධාරින්ටත් කෘතඥතාව පළ කරන බවයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.