නිදහස් පක්ෂයේ ලොක්කෝ යළි මහින්ද පසුපස

Published on

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ කතරගම දීයි .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (3)කතරගමට පැමිණ, කිරිවෙහෙර හා අෂ්ඨපල බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආගමික වතාවත් සිදු කර තිබෙනවා.

ඉන් අනතුරුව රුහුණු මහා කතරගම දේවාලය ද වැඳ පුදා ගැනීමට ඔහු එක් වූ බවයි වාර්තා වන්නේ.

මෙම ගමනේ දී මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙ‍හෙර විහාරයෙහි විහාරාධිකාරි අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක හිමියන් බැහැදැක සුහද පිළිසඳරක යෙදීමෙන් අනතුරුව උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබා ගත්තා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලෙහි ඉදි කරනු ලැබූ ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය පිළිබඳ හා එම කටයුත්ත සම්බන්ධ කතරගම දේවාලයේ බස්නායක නිළමේතුමන් ඇතුළු සියළුම දෙනාටත් හිටපු ජනාධිපතිවරයා මෙහිදි ගෞරවය පුද කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහ ලේකම් දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානායක මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this