ඕස්ට්‍රේලියාවේ අතුරුදහන් වූ පුද්ගලයකු මෝරෙකුගේ ප්‍රහාරයකින් මිය ගිය බවට විශ්වාස කරන බව බලධාරීහු අද (03) ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් එම පුද්ගලයා අතුරුදන් වූ මුහුදු ප්‍රදේශය තවදුරටත් සෝදිසි කරමින් සිටින බවයි බලධාරීන් පැවසුවේ.
28 හැවිරිදි එම පුද්ගලයා දකුණු ඕස්ට්‍රේලියාවේ මුහුදු ප්‍රදේශයේ දීයි මෙලෙස අතුරුදහන් වී ඇත්තේ.
වෙරළබඩ නගරයක් වන Streaky Bay අසළ Granites Beach හිදී, බ්‍රහස්පතින්දා සවස මෝර ප්‍රහාරය දුටු සාක්ෂිකරුවෙකු jet ski එකකින් මුහුදට ගොස් අනතුරට ලක්වූ පුද්ගලයාගේ සර්ෆ්බෝඩ් එක (surfboard) ලබා ගෙන ඇති බව ජ්‍යේෂ්ඨ කොස්තාපල් රෙබෙකා ස්ටෝක්ස් Australian Broadcasting Corp වෙත ප්‍රකාශ කර තිබෙනවා.
නමුත් මේ තරුණයාගේ කිසිදු සළකුණක් එහි නොතිබූ බවත්, සාක්ෂිකරුවන්ගේ විස්තරවලින් ඔහු මෙම මෝරා විසින් මරා දමා ඇති බව විශ්වාස බවයි ස්ටෝක්ස් ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම ඇය කියා සිටියේ මෙම වෙරළ තීරය මෝරුන් නිතර ගැවසෙන බවයි.
හදිසි ප්‍රතිචාර දක්වන්නන් (Emergency responders) සහ ස්වේච්ඡා සේවකයන් සිකුරාදා සිට ප්‍රදේශයේ මෙම පුද්ගලයා සොයමින් සිටින අතර මේ වන විට වෙරළ තීරය මහජනතාවට වසා දමා ඇති බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ මෝර ප්‍රහාර දුර්ලභ වන අතර, දත්ත වාර්තා පෙන්වා දෙන්නේ මිලියන 27 ක ජනගහනයක් සිටින රට තුළ 1791 වසරේ සිට සිදුව ඇත්තේ මාරාන්තික ප්‍රහාරය 255 ක් පමණක් බවයි.