‘අත’ පුටුවට හිත දෙයි

Published on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ ඇතුළු සියලු මැතිවරණ සඳහා ‘පුටුව’ ලකුණින් තරඟ කරන බව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

2025 මැතිවරණ වසරක් වන බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස වාමාංශික කණ්ඩායම්වලට ආරාධනා කරන බවයි මහලේකම්වරයා පවසන්නේ.

පක්ෂ මූලස්ථානයේ නව වසරේ වැඩ අරඹමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළා.

මේ අතර පක්ෂයේ පවතින විවිධ අර්බුද සුහදව විසඳා ගනිමින් පක්ෂය ශක්තිමත් කරමින් අලුත් අවුරුද්දේ අලුත් ගමනක් ආරම්භ කරන බව මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවත්, විවිධ හේතූන් මත වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ හෝ දේශපාලනයෙන් ඉවත්ව සිටින සියලුම දෙනාට පක්ෂය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කරන බව නිමල් සිරිපාලද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this