චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තවත් වෛරසයක්

Published on

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු මේ දිනවල චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙන අතර ඉන්ෆුවෙන්සා වෛරසයද පැතිර යමින් තිබෙන බවයි කියන්නේ.

චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව වෛරස තත්ත්වය රටේ උතුර ප්‍රදේශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර චීනයේ රෝග පාලනය සහ නිවාරණ මධ්‍යස්ථානය විසින් තහවුරු කර ඇත්තේ උතුර චීනයට මේ හරහා බලපෑම් එල්ල වී ඇති බවයි.

වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවද සඳහන්.

පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි ප්‍රකාශ කෙරෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this