හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ ඔහුට එම දෙපාර්තමේන්තුව පසුගියදා කළ දැනුම්දීමට අනුව බවයි කියන්නේ.
යෝෂිත රාජපක්ෂට එමගින් දැනුම් දී තිබුණේ කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ පෙනී සිටින ලෙසටයි.
එසේම, පසුගිය සිකුරාදා පැය 04ක පමණ කාලයක් එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.
එමෙන්ම, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව තිබෙන බව සඳහන්.
ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදු වු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා බවයි කියන්නේ.