පුංචි ඡන්දයේදි සර්වජන බලය පදක්කමින් මුලු රටටම

Published on

ඉදිරියේදී පැමිණෙන පළාත් පාලන මැතිවරණයේදී මෙරට පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 331කටම පදක්කම ලකුණෙන් සර්වජන බලය තරඟ කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

පළාත් පාලන මැතිවරණය සදහා සර්වජන බලයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට මහජනතාවට දැන් අවස්ථාව විවෘතව පවතින බවද ඔහු සඳහන් කළා.

මෙරටට ආදරය කරන ජාතිකත්ව කඳවුර නියෝජනය කරන්නට කැමති සැබෑ දේශප්‍රේමීන්ට පදක්කම සමගින් එකතුවෙන ලෙස ආදරයෙන් ආරාධනා කරන බවයි දිලිත් ජයවීර මහතා පවසන්නේ.

සර්වජන බලය පක්ෂ මුලස්ථානයේ දී ඊයේ (2) දින නව වසරට අදාළ කටයුතු ආරම්භ කරමින් එහි නායක දිලිත් ජයවීර මේ බව සඳහන් කළා.

මේ වන විට පුවත්පත් දැන්වීම් මගින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට කැමති පුද්ගලයින්ට ආරාධනාවක් කර ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ ආචාර්ය මහාචාර්ය හෝ ඕනෑම තනතුරක් දරණ අයට මේ සඳහා අවස්ථාව පවතින බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this