ජේ.ආර්.පී.සූරියප්පෙරුම දිවි ගමනට සමු⁣දේ.

Published on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා විද්වතෙකු වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි පැවසෙන්නේ.

අභාවප්‍රාප්ත වන විට ඔහු 96 වන වියේ පසුවුණා.

1928 වසරේ ජුනි මස 08 වැනිදා දොම්පේ ප්‍රදේශයේ උපත ලැබූ ජේ.ආර්.පී. සුරියප්පෙරුම මහතා හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් පසුව කොළඹ ඇලෙක්සැන්ඩර් විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලබා තිබෙනවා.

සිංහල ගෞරව උපාධියක් හැදෑරීමට එවකට ලංකා විශ්ව විද්‍යාලය ලෙස හැඳින් වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ඒ මහතා පසුව තම විෂය පාඨාමාලා වෙනස් කරමින් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව හැදෑරීමට යොමු වුණේ එම විෂයන් කෙරෙහි පැවති උනන්දුව නිසාමයි.

පසුකාලීනව කාලීන හා දේශපාලන වැඩසටහන්වලට මෙන්ම ඉතිහාසය පිළිබඳ කථිකාවන්ට සම්පත්දායකයෙකු බවට ජේ.ආර්.පී. සුරියප්පෙරුම මහතා පත්වුණා.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

Latest articles

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

සොබාදහම අගය කරන්න, ගෞරවය දක්වන්න – අගමැති හරිනිගේ තෛපොංගල් සුබ පැතුම් පණිවුඩය

අදට (14) යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම්...

More like this

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...