නීතිවිරෝධීව ආනයනය කළ සැප වාහන තුනක් පොලිස් භාරයට

Published on

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන තුනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත පොලිස් වසමේ පදිංචි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් විසින් භාවිතා කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව එම ඒකකය විසින් පිංවත්ත ප්‍රදේශයේදි පසුගිය (31 ) වැනිදා එම ජීප් රථය සිය භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මොහු විසින් භාවිතා කර ඇති බවට අනාවරණය වී ඇති තවත් සුඛෝපභෝගී ජීප් රථ දෙකක් රත්මලාන ප්‍රදේශයේ නිවසක ගාල් කර තිබියදී ඊයේ දින පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම ජිප් රථ තුන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ගර්භිත කර ඇති රාජ්‍ය ආයතනවලට අයත් වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කර මෙම වාහන භාවිතා කර ඇති බවයි.

මෙම ජීප් රථ තුන පිංවත්ත පොලිස් ස්ථානයේ ගාල් කර ඇති අතර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this