මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් මතට ගසක් කඩා වැටී එක් අයෙක් මරුට තවත් 10 දෙනෙකුට තුවාල

Published on

මාතර බන්ධනාගාරයේ රැඳවියන් රැඳී සිටි ස්ථානයේ වහලයක් මතට බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් එහි සිටි රැඳවියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 10 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

ඊයෙ (1 ) දින රාත්‍රි 10.00ට පමණ මාතර බන්ධනාගාරය තුළ පිහිටා තිබූ බෝගසේ අත්තක් රැඳවියන් රඳවා තිබූ වාට්ටු 02ක් මතට කඩා වැටී තිබෙනවා.

එම අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ ඔවුන් රඳවා සිට ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරුවන් 11ක් හා සිරකරුවෙක් කඩිනමින් ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බරපතල තුවාල ලැබූ සිරකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාව මත මාස 02ක සිරදඩුවම් නියමව සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවෙකු වන අතර, වයස අවුරුදු 32 ක මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම හදිසි තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද්ධ හමුදාව යන ආරක්ෂක අංශ බන්ධනාගාර පිටත ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇති අතර, මාතර බන්ධනාගාරය මගින් සිදුවීම සම්බන්ධයනේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this