තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට අරඹයි

Published on

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වෙනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

පාසල් ආරම්භයෙන් අනතුරුව හෙට (03) සිට අවසන් පාසල් වාර විභාගයන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 27 වන දින ආරම්භ වීමට නියමිත අතර එය මාර්තු මස 14 වන දින තෙක් පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත්තේ.

මේ අතර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසර සඳහා පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් ආරම්භය ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා දින සිදු කරනු ලබනවා.

2025 වසරේ පළමු වාරයේ දෙවැනි පාසල් වාරය අප්‍රේල් 1 වනදා සිට අප්‍රේල් 11 වන දින තෙක් පැවැත්වෙන අතර අවසන් අදියර අප්‍රේල් මස 21 වන දින සිට මැයි මස 9 වන දා දක්වා පැවැත් වීමට නියමිතවයි තිබෙන්නේ.

Latest articles

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this