ඉතියෝපියාවේ සිදුවු මාරක රිය අනතුරකින් පුද්ගලයින් 71 කු මිය ගොස් තිබෙනවා.
මගී ප්‍රවාහන ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගාවකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මිය ගිය පිරිස අතර කාන්තාවන් තුන් දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 68 කු සිටිනවා.
තවත් පුද්ගලයින් 5 දෙනෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
මෙහි ගමන්ගත් පිරිස මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිට ඇති බවයි කියන්නේ.
ට්‍රක් රථයේ අධික ලෙස මගීන් රැගෙන යාම අනතුරට හේතුව බව කියයි.
ඉතියෝපියාවේ මාර්ග හා වාහනවල දුර්වල නඩත්තුව හා රියදුරු ප්‍රමිතිය දුර්වල වීම නිසා මාරක රිය අනතුරු බහුලව වාර්ථා වන බවයි පැවසෙන්නේ.