කොරියාවේ මුආන්වල ඛේදවාචකය වෙනුවෙන් සතියක ශෝක කාලයක්

Published on

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ඊයේ (29) දින දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදු වූ අනතුර හේතුවෙන්.

ඉන් මියගිය සංඛ්‍යාව 179 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුර වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්.

ඉන් දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකුට පමණයි.

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුආන් දක්වා ගමන් ඇරඹු මෙම ගුවන් යානයේ එක් එන්ජිමක පිපිරීමක් සිදුව තිබුණා.

ඒ මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඉහළ අහසේදීයි.

පිපිරීමට හේතුව ගුවන් යානයේ එන්ජිමට කුරුල්ලෙකු වැදීම නිසා බවටත් අනුමාන කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ යානය ගොඩ බැස්ස වීමේදී රෝද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීම නිසා යානය ධාවන පථය දිගේ ඇදී ගොස් ආරක්ෂිත බැම්මේ වැදී අනතුර සිදුව තිබූ බවයි.

එම අවස්ථාවේ යානයේ අඩක් කැඩී ගොස් ගිනි ගැනීමකටද ලක් වුණා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this