ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමි කාටර් අභාවප්‍රාප්ත වෙයි

Published on

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමි කාටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයා වේ.

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි මිය යන විට ඔහුගේ වයස අවුරුදු 100කි.

ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කාටර් වර්ෂ 1977 සිට 1981 දක්වා එරට ජනාධිපති ධුරය හොඹවා තිබෙනවා.

ඇමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණා.

X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණේ කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බවයි.

ගෝලීය අර්බුදවලට සාමකාමී විසඳුම් සොයමින්, මානව හිමිකම් සුරක්ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් ගොඩනැඟීමට දැරූ උත්සාහය වෙනුවෙන් 2002 වසරේදී ඔහු නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා.

හිටපු ජනාධිපතිවරයාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඔහු ප්‍රතිපත්තිගරුක විශ්වසනීය සහ නිහතමානී මිනිසෙකු බවයි.

ධවල මන්දිරයට ගිය රතු රටකජු ගොවියා යන නාමයෙන්ද ජිමී කාටර්ගේ නාමය කා අතරත් ප්‍රචලිතයි.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this