රාජ්‍ය යාන්ත්‍රණයෙන් වන බාධාවන්ගෙන් කර්මාන්ත ආරක්ෂා කර ගන්න මම සුදානම් – හදුන්නෙත්ති

Published on

බදු ප්‍රතිපත්ති, අමුද්‍රව්‍ය ගැටලු, රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඇතිවන බාධාවන් වැනි අභියෝග රැසක් හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28 ) කොළඔ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ශිල්ප අභිමානී 2024” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්.

සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් සහිත හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගයීමට ලක් කිරීම හා ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරඟය හා ජනාධිපති සම්මාන උළෙල සංවිධාන කරනු ලබනවා.

මෙහිදී හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31 ක් හා උපක්ෂේත්‍ර 66 ක් නියෝජනය වන පරිදි පැවැත්වූ පළාත් තරඟ වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් ජාතික තරඟය සඳහා ඉදිරිපත් කර මෙම ජනාධිපති සම්මානලාභීන් තෝරා ගන්නා බව සඳහන්.

මෙවර “ශිල්ප අභිමානී 2024” සම්මාන උළෙලේදී සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන යන අංශ 2 යටතේ ස්වර්ණ සම්මාන 2 ක් පිරිනැමුනු අතර සම්ප්‍රදායික අංශයේ ස්වර්ණ සම්මානය T.G. සමන් ශිල්පියාටද සම්ප්‍රදායික නොවන අංශයේ ස්වර්ණ සම්මානය උතුරු පළාතේ P.S. Sammakrishna ශිල්පියාට හිමිවුනා.

හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ස්වර්ණ සම්මානයක් උතුර පළාත දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ලබන වසරේදී මෙම සම්මාන උළෙල ප්‍රදර්ශනයක්ද සහිතව අති උත්කර්ෂවත් අන්දමින් ජාතික උත්සවයක් ලෙස පවත්වන බවට හස්ත කර්මාන්ත ශිල්පීන්ට පොරොන්දුවක් ලබාදුන්නා.

ශිල්පීන්ගේ දක්ෂතාව, වටිනාකම්, සංස්කෘතික අනන්‍යතාවයන් කැටිකර ගත් මෙම වටිනා කර්මාන්තය ඉදිරියට ගෙන යාමට තමා ඇතුළු තම අමාත්‍යාංශය කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේ.

හස්ත කර්මාන්ත පමණක් නොව සමස්ත රටේම කර්මාන්ත ආරක්ෂා කිරීම තමාගේ හා තම අමාත්‍යාංශයේ වගකීම බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව දේශීය කර්මාන්ත රැක ගැනීම සඳහා ප්‍රතිපත්තිමය සටනක් සිදුකිරීමට වර්තමාන රජයට සිදුවී ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Latest articles

ජනපති අනුර හා චීන ජනපති අතර නිල හමුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා...

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

More like this

ජනපති අනුර හා චීන ජනපති අතර නිල හමුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා...

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...