TikTok තහනම පමා කරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Published on

ඇමරිකාව තුළ TikTok භාවිතයට අදාළව, සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා, TikTok තහනම ප්‍රමාද කරන ලෙස, ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (27) දිනයේ දී ගොනු කරන ලද නීතිමය ලියවිල්ලකට අනුව, මේ බව සඳහන් වන බවයි වාර්තා වන්නේ.

ඇමරිකාව තුළ TikTok භාවිතය සම්බන්ධයෙන් සාකච්ඡා කොට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට තමාට අවස්ථාව ලබා දෙන ලෙස අදාළ නීතිමය ලියවිල්ලෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඇමරිකාව තුළ TikTok භාවිතය වහාම තහනම් කිරීමට සිය විරුද්ධත්වය පළ කරමින් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ, තමා බලයට පත්වීමෙන් පසු දේශපාලන විසඳුමක් ඔස්සේ අදාළ ගැටළුව විසඳීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ගැ‍ටළු සඳහා සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමකට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඇමරිකාවේ ඇරිසෝනාහි පසුගියදා පැවති රැස්වීමක දී ද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබුණේ, TikTok ඇමරිකාව තුළ ක්‍රියාකාරීව පවත්වා ගෙන යාමට යම් කාලයක් දීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය හැකි බවයි.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this