අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් සලෝචන රිමාන්ඩ්

Published on

රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සලෝචන ගමගේ සහ තවත් පුද්ගලයෙකු ජනවාරි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද (28)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලැබු වැටලීමකදී අදාළ සැකකරුවන් පිටකෝට්ටේ ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම නඩුකරයට අදාළව අපැහැදිලි තත්ත්වයන් රැසක් පවතින අතර සැකකරුවන්ගේ අසනීප තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඔවුන් ඇපමත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

Latest articles

ජනපති අනුර හා චීන ජනපති අතර නිල හමුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා...

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

More like this