චීනයේ හදපු විද්‍යා ගවේෂණ නෞකාව මංගල ගමන අරඹයි

Published on

චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත  මුහුදු  බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිත වන අතර, මෙය, සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන්හි ගවේෂණ සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේෂණයට අවශ්‍ය ගැඹුරු කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, සංයෝගාත්මක විද්‍යා ගවේෂණ නෞකාවයි.

“Tansuo 3” නෞකාවේ දිග මීටර් 104 ක් පමණ වන අතර, එහි ජලෝත්පීඩන පරිමාව ටොන් දස දහසක් පමණ වේ.

මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුව ඇත්තේ චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්ව විද්‍යාලයන්හි දායකත්වයෙන්.

නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කෙන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම් යටතේ අධි නිරවද්‍ය ගතික ස්ථානගත කිරීමේ පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු දුෂ්කරතා ජය ගනිමින් ඒවායේ ඒකාධිකාරී අවහිරයන් බිඳ දැමීමට සමත්ව තිබෙනවා.

මෙමඟින් චීනයේ මිනිසුන් සහිත ගැඹුරු කිමිදුම්, පූර්ණ මුහුදු ගැඹුරු පරාසයේ පමණක් නොව, සමස්ත ගෝලීය මුහුදු කලාපයේ ද ගවේෂණ සිදු කිරීමට හැකි වීම ද විශේෂත්වයකි.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this