ශ්‍රී ලාංකික කාන්තාවක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පසුගිය බදාදා දෝහා සිට පැරිස් බලා ගමන් කළ ගුවන් යානයක් කුර්දිස්ථානයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමට ලක් කර තිබෙනවා.
පැය කිහිපයකට පසු කුර්දි අගනුවරදී ඇය මියගොස් ඇති බව අර්බිල් හි ශ්‍රී ලංකාවේ කොන්සල් අහමඩ් ජලාල් ඊයේ (26) ප්‍රකාශ කළා.
දෝහා සිට පැරිස් බලා යන ගුවන් යානයක ශ්‍රී ලාංකික කාන්තාවක් සිටින බව කුර්දිස්තාන් කලාපයේ අදාළ බලධාරීන් විසින් ඔවුන් ඇමතූ බවයි ජලාල් කියන්නේ.
මියගිය කාන්තාව 81 හැවිරිදි වියේ පසුවූ ප්‍රංශයේ ජීවත් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් වනවා.
ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ ප්‍රංශ පුරවැසියෙකු වන ඇගේ පුතාට මේ බව දැනුවත් කර ඇති අතර මළ සිරුර පැරීසියට ප්‍රවාහනය කිරීමට කුර්දි බලධාරීන්ගෙන් සහය ඉල්ලා තිබෙනවා.