තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ පුවත්පත්වල පලවන අසත්‍ය පුවතකට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
තමන් සහ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ අසත්‍ය සහ ද්වේශ සහගත පුවත් වාර්තා කර තිබූ බවයි එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ.
එමගින් තමන්ගේ කීර්ති නාමයට සහ තමන් කෙරෙහි මහජනතාව තබා තිබූ විශ්වාසය පලුදු වීමක් වන බව මන්ත්‍රීවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
මේ අනුව චේතනාවන්විතව තමන් අපකීර්තියට පත්කිරිමට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.