ලංකා ඛනිජ වැලි සමාගමේ සභාපතිත්වය අශෝක පීරිස්ට

Published on

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන අශෝක පීරිස් මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ඛනිජ වැලි සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස වසර 10 ක් පරිපාලන සේවයේ ඉහළම තනතුරු දරා ඇති පීරිස් මහතා මීට පෙර 2015 – 2016 වසරවල ලංකා ඛනිජ වැලි සමාගමේ නිසි බලධාරියා ලෙසද කටයුතු කර තිබීම විශේෂත්වයක්.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයෙක් ලෙසද කටයුතු කළා.

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙසද වගකීම් දරා ඇති ඔහු වසර 35 ක කීර්තිමත් රාජ්‍ය සේවයකට හිමිකම් කියන නිලධාරියෙක්.

ලංකාවේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරියෙක් වන අශෝක පීරිස් මහතා 2005 වසරේ දී පැවති මැතිවරණයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල නිසි බලධාරියා ලෙස ද කටයුතු කර තිබෙනවා.

අශෝක පීරිස් මහතා තම නව වගකීම භාර ගනිමින් සඳහන් කළේ, රජය සතු වටිනාම රාජ්‍ය ව්‍යාපාරයක් වන ලංකා ඛනිජ වැලි සමාගම පූර්ණ විනිවිදභාවයෙන් සහිතව නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමටත්, කැණීම් කටයුතු තව දුරටත් පුළුල් කරමින් ලංකාවට ඩොලර් උපයන ප්‍රධානම මාර්ගයක් බවට ආයතනය පත්කිරීම සභාපතිවරයා ලෙස තමා බලාපොරොත්තු වන බවයි.

Latest articles

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

More like this