කැනඩා ආයතන දෙකක් හා එහි පුද්ගලයින් පිරිසකට එරෙහිව චීනයෙන් දැඩි ක්‍රියාමාර්ග

Published on

‘චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියේ’ විධිවිධාන අනුව කැනඩාවේ ආයතන 2ක් හා එහි පුද්ගලයින් 20කට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමට චීනය තීරණය කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව 2024 දෙසැම්බර් 21 දින සිට බලාත්මක වනු පරිදි කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතන දෙකට අයත් චීනය තුළ ඇති වත්කම් සීමා කිරීම ඇතුළු පියවරයන් කිහිපයක් ම ගෙන ඇති බව සඳහන් වේ.

එම ආයතන දෙක චීන සංවිධාන සහ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම, සහයෝගීතා පැවැත්වීම ද තහනම් කර ඇති අතර, කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය ” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතනයන්හි අදාළ පුද්ගලයින් 20දෙනාට අයත් චීනයේ ඇති වත්කම් ද සීමා කෙරෙන බවයි පැවසෙන්නේ.

එම පුද්ගලයින් 20 දෙනා සහ චීනයේ සංවිධාන හා පුද්ගලයන් අතර ගනුදෙනු මෙන්ම සහයෝගීතා පැවැත්වීම ද මෙමඟින් තහනම් කර ඇති බවත් ඔවුන්ට හොංකොං සහ මැකාවු යන කලාප දෙක ද ඇතුළුව චීන වීසා නිකුත් කිරීම ද අත්හිටුවන බව දැනුම් දී තිබෙනවා.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this