මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කළ යුතුයි – චීනය පිලිපීනයට කියයි

Published on

වැරදි මාර්ග ඔස්සේ ඉදිරියට නොගොස් මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා  Mao Ning මහත්මිය ඊයේ (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, ඇමරිකාව පිලිපීනය තුළ මැදදුර මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උපායමාර්ගිකව‍ යොදා ගත හැකි මෙන්ම ප්‍රහාරක අවියක් ද වන මැදදුර මිසයිල පද්ධතියක් පිලිපීනයෙහි ස්ථාපිත කිරීම බාහිර බලවේගයන් කලාපීය ගැටුම් ඇති කිරීමට අනුබල දෙන ක්‍රියාවක් බවයි ඇය එහිදී පෙන්වා දී ඇත්තේ.

එබැවින් එය සිය රටට මෙන්ම අග්නිදිග ආසියානු කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද වන වගකීම් විරහිත තීරණයක් බව ඇය ප්‍රකාශ කළාය.

ඒ අනුව කලාපය තුළ සාමය හා සමෘද්ධිය පැවතීම අත්‍යවශ්‍ය වන බැවින් මැදදුර මිසයිල පද්ධතියක් හා ගැටුම් අවශ්‍ය නොවන බව අවධාරණය කළ ඇය පෙන්වා දී ඇත්තේ, මීට පෙර ලබා දුන් විවෘත ප්‍රතිඥාවට අනුව, පිලිපීනය මැදදුර මිසයිල පද්ධතිය හැකි ඉක්මණින් ඉවත් කළ යුතු බවයි.

Latest articles

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

More like this